රට ගිය අපේ අය

රට ගිය අපේ අය

"රට ගිය අපේ අය" - බ්ලූ ලයින් ලෑන්ඩ්ස් වෙතින් විදේශ ගතව සේවයේ යුතු ඔබ වෙත ගෙනා අනර්ඝ ත්‍යාගයයි. දුක් මහංසි වී උපයන ඔබේ මුදලය මනා වටිනාකමක් එක් කරන මෙම නිවාස සංකල්පය තමාගේ නිවාස සිහිනය සපුරා ගැනීමට පමනක් නොව, අනාගතය සඳහා කරන මනා ආයෝජනයක් ලෙසද සැලකිය හැකිය. විදේ්ශ ගතව සිටින ඔබට ඇති එක් ගැටළුවක් වන විශ්වාසනීය ආයතනයක් සමග දීර්ඝ කාලීන වන ගිවිසුමක් මගින් මනරම් නිවසක් ගොඩනැගීමේ අවස්ථාව උදාකරදීමට “රට ගිය අපේ අය“ වැඩසටහන අවස්ථාවක් උදාකරදෙයි.
නිවැරදි සහ විශ්වාසනීය ලෙස මෙන්ම නීත්‍යානුකූලව සිදුකරන මෙම කොන්ත්‍රාත්ගත නිවාස ඉදිකිරීමේ වැඩසටහන ආරම්භයේදීම මනා වැඩසටහන් සැලසුමක් මත ක්‍රියාත්මක වේ. අපගේ සුදුසුකම් ලත් දක්ෂ තාක්ෂණික සේවකයන්ගේ මනා නිරීක්ෂණය මත සිදුකරන මෙම ඉදිකිරීම් පරම්පරා කිහිපයක් පැවතීමට සුදුසු ලෙස සවි ශක්තියෙන් යුක්තව ගොඩනැගීම ගැන තහවුරුවක් අප ආයතනය මගින් ලබා දේ.
විදේශ ගතව රැකියාවල නියුතු ලාංකිකයන්ට එක්වර මෙන්ම වාරික ක්‍රමයක් අනුවද ගෙවීම් සිදු කල හැක.